AI යුගයේ ඔබත් “Meat Proxy” කෙනෙක් වෙමින් සිටිනවාද? 🤔
AI යුගයේ අපි අවධානය යොමු කළ යුතු වැදගත් සංකල්පයක් තමයි “Meat Proxy” කියන්නේ.
සරලව කිව්වොත්, තමන්ගේම අවබෝධයක්, විශ්ලේෂණයක් හෝ විචාරශීලී චින්තනයක් නැතිව, අනෙක් අයගේ ප්රශ්න AI එකට යොමු කරලා, ලැබෙන පිළිතුරු නැවත ඉදිරිපත් කරන මනුෂ්යයෙක්.
AI එකට අපිව මඟහැරලා ඒ වැඩේම කරන්න පුළුවන් නම්, එතැන අපි එකතු කරන වටිනාකම මොකක්ද?
අද AI භාවිතයෙන් code ලියන්න, research කරන්න, reports හදන්න, තීරණ ගැනීමට අවශ්ය තොරතුරු හොයාගන්න වගේ බොහෝ දේ තත්පර කිහිපයකින් කරන්න පුළුවන්.
නමුත් මෙතැන තියෙන අවදානම තමයි, AI එකේ හැකියාවන් වැඩිවෙද්දී අපේම ස්වාධීනව සිතීමේ හැකියාව ක්රමයෙන් දුර්වල වීමට ඇති ඉඩකඩ.
2025දී Microsoft සහ Carnegie Mellon පර්යේෂකයන් කළ අධ්යයනයකින් පෙන්වා දුන්නේ AI පිළිබඳ විශ්වාසය වැඩි වීම, critical thinking සඳහා වැය කරන උත්සාහය අඩුවීම සමඟ සම්බන්ධ බවයි.
Cal Newport ඔහුගේ Deep Work සංකල්පය හරහා පෙන්වා දෙන්නේ, අවධානයෙන් ගැඹුරින් සිතීමේ හැකියාව වඩ වඩාත් දුර්ලභ සහ වටිනා දෙයක් බවට පත්වෙමින් තිබෙන බවයි.
මම හිතන්නේ AI යුගයේ මේ අදහස තවත් වැදගත්.
AI එකෙන් පිළිතුරු ලබාගැනීම සහ ඒ පිළිතුරු සැබෑවටම අවබෝධ කරගැනීම කියන්නේ දෙකක්.
අනාගතයේ වඩාත් වටිනා වෙන්නේ AI එකෙන් වැඩිපුරම පිළිතුරු ලබාගන්නා පුද්ගලයා නොවෙන්න පුළුවන්.
ඒ වෙනුවට නිවැරදි ප්රශ්න අහන්න, ගැඹුරින් සිතන්න, AI ලබාදෙන පිළිතුරු අභියෝගයට ලක්කරන්න සහ ඒවායින් අලුත් වටිනාකමක් නිර්මාණය කරන්න පුළුවන් පුද්ගලයා වෙන්න පුළුවන්.
විශේෂයෙන්ම අපේ අධ්යාපන ක්රමය තුළත් AI භාවිතය ඉගැන්වීමට අමතරව Independent Thinking, Critical Thinking සහ Deep Focus වැනි හැකියාවන් වර්ධනය කිරීමට වැඩි අවධානයක් යොමු කළ යුතුයි.
AI එක අපි වෙනුවෙන් හිතන පද්ධතියක් බවට පත්කරගන්නවා වෙනුවට, අපේ සිතීමේ හැකියාව වැඩිදියුණු කරන මෙවලමක් බවට පත්කරගමු.
අවසානයේ අපි අපෙන්ම අහන්න ඕනෑ ප්රශ්නයක් තියෙනවා.
AI එක දවසින් දවස බුද්ධිමත් වෙනවා. ඒත් AI භාවිත කරන අපිත් ඒ තරමටම බුද්ධිමත් වෙනවාද?