Beyond Coding | AI යුගයේ Software Engineers ලාගේ වටිනාකම වෙනස් වෙන්නේ කොහොමද?
කලින් Software Engineer කෙනෙක් විදිහට අපිට Jira Ticket එකක් ලැබෙනවා. Requirements, Acceptance Criteria සහ Definition of Done පැහැදිලිව තියෙනවා. Task එක Complete කරලා ඊළඟ Ticket එකට යනවා.
නමුත් අද AI Coding Agents වලටත් හොඳින් නිර්වචනය කළ Tasks බොහොමයක් වේගයෙන් Complete කරන්න පුළුවන්.
එහෙම නම් අපි තවමත් කවුරුහරි Ticket එකක් Create කරනකම් බලාගෙන ඉන්න ඕනද?
Proactive Engineering Mindset
මෙතැනදී තමයි Proactive Engineering Mindset එක වැදගත් වෙන්නේ.
සැබෑ Projects වල Requirements හැම වෙලාවෙම පැහැදිලි නැහැ. ඒ නිසා ලබාදුන් Tasks Complete කරනවාට අමතරව, Problems හඳුනාගන්න, Requirements ප්රශ්න කරන්න, Research කරන්න සහ වඩා හොඳ Solutions යෝජනා කරන්න අපි ඉදිරිපත් වෙන්න ඕන.
Don’t limit yourself to a Technology or Job Title
මගේ Career එකේ විවිධ Programming Languages සහ Technology Stacks එක්ක වැඩ කරලා තියෙනවා. ඒ වගේම AI, Data Engineering, DevOps, Architecture, Team Leadership, Client Requirement Analysis සහ QA Automation වගේ විවිධ ක්ෂේත්රවලත් අත්දැකීම් ලබාගෙන තියෙනවා.
මෑතකදී අවසන් කළ Project එකකදී Scrum Master වගකීමත් භාරගත්තා. ඒක මගේ ප්රධාන Role එක නෙවෙයි කියලා පස්සට වුණේ නැහැ. අනෙක් Engineering Responsibilities එක්කම ඒකත් කළා. AI Tools නිසා ඉතිරි කරගන්න කාලය මේ වගේ අලුත් අත්දැකීම් ලබාගන්න යොදාගන්න පුළුවන්.
Research & Development (R&D) Mindset
මෙතැනදී තවත් වැදගත් දෙයක් තමයි Research & Development (R&D) Mindset එක.
දැනට තියෙන Solution එකම Follow කරනවා වෙනුවට, අලුත් Approaches ගැන Research කරන්න, Hypotheses හදන්න, Experiments කරන්න සහ Evidence වලින් ඒවා Validate කරන්න අපි පුරුදු වෙන්න ඕන.
Product Engineering මඟින් සැබෑ Business Problem එක හඳුනාගන්නත්, R&D Mindset එක මඟින් ඒකට වඩා හොඳ Solutions සොයාගන්නත් පුළුවන්.
විශේෂයෙන්ම Junior Engineers ලාත් වැඩක් පවරනකම් බලාගෙන ඉන්නේ නැතුව, Questions අහන්න, Improvements යෝජනා කරන්න, Experiment කරන්න සහ අලුත් Challenges භාරගන්න පුරුදු වෙන්න ඕන.
Strong Fundamentals + Adaptability + R&D + Proactive Mindset
AI යුගයේ අපේ වටිනාකම තියෙන්නේ ලබාදුන් Tasks Complete කිරීමේ හැකියාවට විතරක් නෙවෙයි. අලුත් Challenges හඹා ගිහින්, සැබෑ Problems හඳුනාගෙන, Experiment කරලා, වඩා හොඳ Solutions හරහා සැබෑ Value එකක් Create කිරීමේ හැකියාවටයි.